2026-09-25
mediahumanrights.lk
Local NewsNews

බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ලෙස සකස් කරන ලද අත් බෝම්බයක් තැබූවේ යැයි චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුට එම බෝම්බය තැබීම සඳහා යම්කිසි පුද්ගලයෙක් රුපියල් පනස් දහසක මුදලක් ලබාදී ඇති බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

එම මුදල ලබා සුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක ය.

බෝම්බය තැබූ බව පැවසෙන ප්‍රධාන සැකකරු හා ඊට අනුබල දීම හා මුදල් ලබා දීමත් සිදු කළ පුද්ගලයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයිද පොලිසිය කියා සිටියි.

Related posts

මව සමග තරහට පුතා කළ දේ

Shiran Viraj

රන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයි

Shiran Viraj

හදිසි අනතුරු ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Shiran Viraj
Translate »