mediahumanrights.lk
Local NewsNews

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

දකුණු පළාතෙන් බස්නාහිර පළාතට ගමන් කරමින් සිටි යතුරුපැදි සීයකින් සමන්විත රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් අධි බලති රුපියල් ලක්ෂ එකසිය විස්සක වටිනාකම කින් යුතු යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග (30)රාත්‍රියේ අලූත්ගම පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි .

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන ලද යතුරු පැදි රැලියක් බස්නාහිර පළාත දක්වා ගමන් කරමින් සිටියදී අලුත්ගම නගරයේ දී රථ වාහන අංශ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කිරීමෙදි මෙම යතුරුපැදි රැලියේ ගමන්ගත් යතුරුපැදි දෙක සමග ධාවනය කල තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .

අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා කළුතර ප්‍රදේශයේ අය බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

– තුසිත කුමාර ද සිල්වා

Related posts

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Shiran Viraj

Novelty purses, pocketbooks, handbags are fashion trend

Shiran Viraj

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනි කියවීම කල් දමයි – නව දිනයක් නියම වී නැහැ

Shiran Viraj
Translate »