28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

1950 සිට සියළු ආණ්ඩු අච්චු ගැසූ මුදල් මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව අච්චු ගහලා..

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින් ඉහළ යමින් ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ආණ්ඩුව මේ වසරේ ගතවූ දින 25 ට පමණක් රු. කෝටි 15,704 ක් අච්චු ගසා ඇත.

2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා (2021 වසරේ දී) පමණක් ආණ්ඩුව රු. කෝටි 67,833 ක් (බිලියන 678.33) මුද්‍රණය කළේය. එයට දෙසැම්බර් 31 දින අච්චු ගැසූ ලක්ෂ 66,500 ද ඇතුලත් ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ ලෙස පත්වීමෙන් පසුව පමණක් රු. කෝටි 28,942 ක් මුද්‍රණය කර ඇත. කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණත අගය රු. බිලියන 1284.37 ක් විය. අද ව;න විට එය රු. බිලියන 1574.79 කි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට (2020 ජනවාරි) අද දක්වා රු. කෝටි 149,905 ක් (රු.බිලියන 1,499.05) අච්චු ගසා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්වල (2022 ජනවාරි 25 දිනට) මුහුණත අගය රු. බිලියන 1,573.79 දක්වා ඉහළ ගොස් ඇත.

භාණ්ඩාගාර ලේකම්වරයා ගේ අවශ්‍යතාව මත, මහ බැංකු අධිපතිවරයා මුදල් අච්චු ගැසීම සිදු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පත් වන තෙක් අච්චු ගසා තිබූණේ රු. කෝටි 7474 ක් පමණී. සරළව පවසන්නේ නම්, මහ බැංකුව ඇරඹි දා සිට 2020 දක්වා අච්චු ගසා ඇති මුළු මුදලට මෙන් 20 ගුණයක මුදල් ප්‍රමාණයක් පසුගිය මාස 25 තුල අච්චු ගසා ඇත.

‘‘සල්ලි අච්චු ගැසීම පාලනයකින් තොරව සිදු වන බව සක් සුදක් සේ පැහැදිලියි. 1950 සිට මේ දක්වා මහ බැංකු අධිපතිවරු 14 දෙනෙකු යටතේ අච්චු ගැසූ මුදල මෙන් 20 ගුණයක් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් හා අජිත් නිවාඩ් කබ්රාල් යටතේ අච්චු ගසා තිබේනවා. සර් ජෝන් කොතලාවල, බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස, ඩී.බී.විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන පාලනයන් යටතේ අච්චු ගැසූ මුලු මුදල මෙන් 20 ගුණයක් වත්මන් ආණ්ඩුව යටතේ අච්චු ගසා තිබෙනවා.

‘‘මුදල් අච්චු ගැසීම නිසා ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රාජ්‍යයන් අතරට එකතු වී තිබෙනවා. මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයින්ගේ උපදෙස්වලට පිටින් භාණ්ඩාකාර ලේකම් හා මහ බැංකු අධිපති ඒකාධිපතියෙකු සේ හිතුවක්කාරී ලෙස මුදල් අච්චු ගැසීම සිදු කරනවා“ යැයි ද තෙන්නකෝන් පවසයි.

– media unit

Related posts

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj
Translate »