31.7 C
Colombo
2026-09-19
mediahumanrights.lk
Local NewsNews

නොරොච්චෝල ලොකු දෝෂයක්.. විදුලි ජනනය අඩපනයි.. හැදුවත් දිගටම ලෙඩ දෙයිලු..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් එමගින් උපරිම ධාරිතාවකින් යුතුව විදුලිය නිෂ්පාදනය ගැටළුකාරී වී තිබේ.

විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ මෑතකදී රට පුරා සිදු වූ පැය ගණනාවක හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝල විදුලි උත්පාදන යන්ත‍්‍රයේ ඇතැය් කොටස්වලට දෝෂ හානි සිදු වී ඇති බවයි.

ඇතැම් කොටස් චීනයෙන් ගෙන්වා අලුතෙන් දැමීමට හෝ පෑස්සීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

එළඹෙන සතිය පමණ වන විට එම කටයුතු අවසන් කර ගැනීමට හැකි වනු ඇති බවටද ඔවුන් විස්වාස කරති.

නමුත් මෙම බිද වැටීමෙන් හානි සිදුවීම මත දීර්ඝකාලීනව විටින් විට දෝෂ මතුවීමට ඉඩ ඇති නිසා ඒ හේතුවෙන් විදුලි කප්පාදු සිදු වීමට ඉඩ ඇති බවත් ඔවුන් කියා සිටිති.

මේ අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගල්අඟුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම මත ද එහි විදුලි නිෂ්පාදනයට ගැටලූ මතු වෙමින් තිබේ.

දැනට ගල් අඟුරු තොග සතුව ඇත ඉදිරි මාස දෙකකින් පමණ පසු ගල් අඟුරු සපයා ගැනීමද අර්බුදකාරී වී ඇත්තේ මෙරට ඩොලර් අර්බුදය හේතුවෙනි.

Related posts

අප්‍රේල් 15 රජයේ නිවාඩු…?

Shiran Viraj

උතුර පුරාම කොටි සැමරුම්

Shiran Viraj

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj
Translate »