31.1 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 720 වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේ දී ගෙවීම් පැහැර හැර තිබේ.

ඒ හේතුවෙන් මණ්ඩලය දැඩි මූල්‍ය දුෂ්කරතාවයකට පත්ව ඇති අතර සේවකයන්ට වැටුප් ගෙවීම පවා මේ මේ හේතුවෙන් බරපතළ අර්බුදයකට පත්ව තිබේ.

මණ්ඩලයේ සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසිහත් ලක්ෂයකට අධික වන අතර ඉන් හැත්තෑපන්දහසකට වැඩි පිරිසක් වසරකට වැඩි කාලයක් තිස්සේ ජල බිල්පත් ගෙවා නැත.

මණ්ඩලය පවසන්නේ ජල ගාස්තු වසර 10කින් පමණ සංශෝධනය වී නැති නිසා මෙම තත්ත්වයන් යටතේ සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම ඇතුළු කටයුතු පවත්වාගෙන යාමද ඉතා දුෂ්කර වී ඇති බවය.

Related posts

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වසා දැමීමට නියෝග

Shiran Viraj

පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්

Shiran Viraj

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

Shiran Viraj
Translate »