27.8 C
Colombo
2026-08-22
mediahumanrights.lk
Local NewsNews

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට ගෙන පැමිණ ඇති ඉන්ධන නෞකා ගොඩබෑමේ කටයුතු සිදු නොවන බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ නියමිත වෙලාවට ඩොලර් නොලැබීම හේතුවෙන් ලංකාවට ප්‍රමාද ගාස්තු ලෙස විශාල වශයෙන් ඩොලර් වියදම් කරන්න සිදුව ඇති බවයි.

ඩීසල් නෞකාවක් ලංකාවට පැමිණ දින 11 ක් ගත වන බවත් 28 වන දා පැමිණි පෙට්ටල් නෞකාව මේ වන තෙක් ගොඩබෑමක් සිදු නොවන බවත් ඔහු පැවසීය.

ඉන්ධන ගොඩබෑමට අවශ්‍ය මුදල් මේ වනතුරුත් නිදහස් වී නැති බව තහවුරු වී තිබෙන බව ද පැවසූ ඔහු ඒ හේතුවෙන් එම නෞකාවන්ට ‍ප‍්‍රමාද ගාස්තු වශයෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවමින් සිටින බවද පැවසීය.

කොළඹ දී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…

Shiran Viraj

ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…

Shiran Viraj

ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයි

Shiran Viraj
Translate »