2026-08-20
mediahumanrights.lk
NewsPolitical

මට ජනාධිපති වෙන්න අවස්ථාව තිබෙනවා.. කේන්දරේ රාජ යෝගද තිබෙනවා..

තමා විශාල දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙක් හෙයින් තමාට ද ජනාධිපති වීමට අවස්ථාවක් ඇති බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

2015 තමා ලැබූ දේශපාලන පසුබෑම පන්නරයක් කර ගනිමින් තමන් තම දේශපාලන ගමන දියත් කරන බව අත්තනායක මහතා සදහන් කරයි.

තමා තරයේ ජෝතිෂ්‍ය විශ්වාස කරන බව සඳහන් කරන තිස්ස අත්තනායක මහතා තමාගේ කේන්ද්‍රයේ රාජ යෝග ඇති බවද සඳහන් කලේය.

එමෙන්ම හේෂා විතාන සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ හැසිරීමට හේතුව ඔවුන්ට දේශපාලන අත්දැකීම් නොමැති වීම බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයි

Shiran Viraj

පාසල් සිසුවෙකු නිවාසකට හොර රහසේ ඇතුළු වී කළ දේ මෙන්න

Shiran Viraj

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj
Translate »