28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsPolitical

සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…

ශ්‍රී ලංකාව මේ වන විට ගමන් කරමින් සිටින්නේ ලෙබනන අර්බුදය දෙසට බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

දැනට ඇදහැලෙන වර්ෂාව නිසා විදුලිබලය අඛණ්ඩ සැපයීමට හැකි ව ඇති නමුත් සති කිහිපයක් වර්ෂාව නැවතුනහොත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

එසේ වුවහොත් පෞද්ගලික විදුලි උත්පාදනය ක‍්‍රියාත්මක කිරීමට ඉන්ධන අර්බුදය හේතුවෙන් නොහැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම පෞද්ගලික තාප විදුලි බලාගාරවලින් ද දැවිතෙල් ප්‍රශ්ණය හේතුවෙන් විදුලිය නිපදවීමට හැකියාවක් නැති වනු ඇති බවද ඒ මහතා කියයි.

නොරොච්චෝල බලාගාරය ගල් අගුරු සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම නිසා එම බලාගාරයේද විදුලි නිෂ්පාදනය අහිමි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යාංශය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.

Related posts

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

Shiran Viraj

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසි

Shiran Viraj

Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

Shiran Viraj
Translate »