31.7 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

පක්ෂය ගොඩනඟන්න කාන්තා සංවිධාන හදනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ පක්ෂ කාර්යාලය 4වෙනි තට්ටුවේ තියෙන කාන්තා පෙරමුණු කාර්යාලයට සීල් තියලා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනි හිටපු ඇමතිනි සුමිත්‍රා ප්‍රියන්ගනි අබේවීර මහත්මිය කළුතර දී පැවසීය .

ඒ මහත්මිය එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ කාන්තා හා ගුරු සංගම් නියෝජිතයන් වෙනුවෙන් පැවති හමුවක් අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමිනි,

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ තිබෙන කාන්තා පෙරමුණ කාර්යාලයට සීල් තියලා තියෙන එක කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සභාපතිනිය වශයෙන් කටයුතු කරන මම වත්, ලේකම් චන්ද්‍රිකා සොයිසා මහත්මිය වත් , භාණ්ඩාගාරික කීර්තිලතා ලොකුලියන මහත්මිය වන අප තිදෙනාම දන්නේ නැතැයි ද කීහ . මේ ගැන ප්‍රසිද්ධියේ පවසන්නේ අද බවත් අපේ කාන්තා කාර්‍යාලයට සීල් තැබූ හේතුව නොදන්නා බවත් පැවසීය .

හැබැයි අපි තුන්දෙනාම ශ්‍රී ලංකා පාක්ෂිකයෝ මිසක් වෙනත් පක්ෂ වලට ගිහිල්ලා නෑ . මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පහුගිය මැතිවරණයේ ඡන්ද ඉල්ලුවෙත් කළුතර දිස්ත්‍රික්කයේන්. අපි හොඳ ශ්‍රී ලංකා කාරයෝ හැටියට අපිට ඕන කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වමේ ආණ්ඩුවක් ගොඩ නගන්න . කාන්තාවන් හැටියට ඒක අරමුණු කරගෙනයි මේ ගමන යන්නේ ඒක ඇරෙන්න වෙන දෙයක් අපේ නැහැ .

හැබැයි අපි පවතින රජයේ රාජපක්ෂ ලත් එක්ක අපේ කණ්ඩායම ඉන්නවට දැඩි විරුද්ධයි .ඒක මගේ මතයක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවගේ මතයයි . ඒවගේම රටේම මතයක් ඒකමයි . හැබැයි මෙතන ඉන්න ජනතාව ඒක කෙලින් කියන්න බය ඇති . ඒ වුණාට අපි බය නෑ බය නැති නිසයි අපි දේශපාලනයට ආවේ . එදා 1989 මගේ පියාව ඝාතනය කළාට පස්සෙ අපි මේ ගමන ආවේ .

එදා ඉදන් අදත් පරණ පුරුදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදිහට කටයුතු කරනවා . පවුලේ අයව කවදාවත් දේශපාලනයට ගෙනල්ලත් නෑ ගේන්න බලාපොරොත්තුවකුත් නැහැ .

හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයක් ගොඩ නගන්න මේ ආරම්භකරන කටයුතු කරන්නේ වෙන අයත් එක්ක රජයක් හදන්න නෙවෙයි අපි රාජපක්ෂලා විරෝධී සටනක් අරගෙන යනවා .

තාමත් අපේ පක්ෂයෙ ඇමතිවරු රජය පාර්ශ්වයේ සිටීම ප්‍රශ්නයක් බවත් ,අපි සියලු දෙනාගෙන්ම ඉල්ලන්නෙ අපි ඔතනින් ඉවත් වෙමු ඉවත්වෙලා මේ අපේ පක්ෂය හදන්න පුළුවන් . මොකද ජනතාව ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක . මට හිතාගන්න බෑ ඇමතිවරු තාම තීන්දුවක් ගෙන නැත්තෙ ඇයි කියල .

මෛත්‍රිපාල සිරිසේන අපේ පක්ෂයේ සභාපති තුමා පක්ෂයේ ගොඩනඟන්න සූදානම් කරුණාකරලා එතුමාගේ නායකත්වයෙන් මේ ගමන යමු . ඇමතිවරු ඔය ඇමති වරප්‍රසාද දාලා කරුණාකරලා දැන් එළියට බහින්න. ජනතාවත් එක්ක එකතු වෙමු. ඔවුන් ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න ඕනම වෙලාවක .

හැට නම ලක්ෂයට දැන් හැත්තෑ ලක්ෂයක් අපිට හොයාගන්න පුළුවන් රට වටේ ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන මිනිස්සු වගේම පක්ෂයට ගරු කරන මිනිස්සු ඉන්නවා .එතකොට මේ ආණ්ඩුව අපිට ලොකු බලවතෙක් වෙන්නේ නැහැ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

Related posts

“අගමැති මහින්දගේ රජයක් ?” මහින්ද, මෛත්‍රී, බැසිල් හමු වී මුල්ම වරට සාකච්ඡා කරළා – දේශපාලනය උණුසුම් කළ සාකච්ඡාවේ ප්‍රතිඵල ලගදීම ?

Shiran Viraj

Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට

Shiran Viraj

රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..

Shiran Viraj
Translate »