30 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

එක් වාහනයක තනි පුද්ගලයා බැගින් ගමන් කිරීමේදි විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහන වලට වියදම් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

වසරකට මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් බිලියන 7 ක මුදලක් වැය කරන බව ද කීය ඔහු එනිසා අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් වාහන භාවිතා කර සියලු දෙනාම අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතයට හුරුවිය යුතු බවද පැවසීය.

තම වාහනය පාරට දැමීමට පෙර දෙවතාවක් කල්පනා කර බලන්න ඇයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ සොයා ගැනීම සඳහා ලෝ වටා රටවල් වලට ණය වෙමින් සිටින බවත් ඔහු කීය.

දැනටමත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට පැමිණ ඇති බවත් ඉදිරි අනාගතයේ දී මීටත් වඩා දරුණු තැනකට පත් වුණු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා සියලු දෙනා තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සිටුවා ගැනීමට වඩා සුදුසු බවද කියා සිටියේය.

Related posts

'ජනතාව විසින් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා' – ජවිපෙ

Shiran Viraj

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj
Translate »