2026-08-20
mediahumanrights.lk
BusinessBusiness NewsNews

එළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 90% කින් පමණ පහළ බැස තිබේ.

එහි කළමනාකරු සඳහන් කරන්නේ අයහපත් කාළගුණ තත්වය සහ පොහොර හිගය මෙම තත්ත්වයට දැඩිව බලපා ඇති බවයි.

උඩරට එළවළු මෙන්ම පහතරට එළවුළු වර්ග ලැබෙන ප‍්‍රමාණය 90% කින් පමණ අඩු වී ඇතැයි ඔහු කියා සිටියේය.

සාමාන්‍යයෙන් මධ්‍යස්ථානයට දිනකට එළවළු කිලෝ ලක්ෂ 30-35ක් අතර ලැබෙන බවත් ඇතැම් දිනවල එය ලක්ෂ පනහක් පමණ වන බවත් පැවසූ ඔහු ඊයේ දින ලැබී තිබුණේ එළවළු කිලෝ ලක්ෂ දෙකක් පමණ ප්‍රමාණයක් යයිද කියා සිටියේය.

පොහොර හිගය හේතුවෙන් ගොවීන් බහුතරයක් එළවළු අස්වනු නෙලීම අතහැරදමා වගාවෙන් පවා ඉවත් වී සිටින බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ඉදිරියේදී දැවැන්ත එළවළු හිගයක් ඇති වනු ඇති බවත් අලුත් අවුරුද්ද වන විට එළවළු නැත්තටම නැතිවී යන තත්ත්වයක් උදාවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැනට ලැබෙන සීමිත එළවළුද මිල ගනන් ඉතා සීග්‍ර ලෙස ඉහළ යනු ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

Related posts

බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්

Shiran Viraj

එක ලේ කකියයි.. සජිත් දිනවන්න දුලාංජලී වේදිකාවට ගොඩවේ…

Shiran Viraj

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

Shiran Viraj
Translate »