2026-09-25
mediahumanrights.lk
NewsPolitical

‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය වහාම ක්‍රියාත්මක කල යුතු බවටත් පලාත් සභා මැතිවරණය වහාම පැවත්විය යුතු බවටත් ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා යාපනයේදී ඊයේ (02) සවස පවසා සිටියේය.

යාපනය පෞද්ගලික හෝටලයකිදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍ය සාකච්ඡාව පෙර මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂය ඇතුල් දෙමළ දේශපාලන පක්ෂ නායකියින් පිරිසක් එම හෝටලයේදී විශේෂ සාක්ඡාවකට සහභාගී වූ අතර ඒ සඳහා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පක්ෂ නායක මනෝ ගනේෂණ් මහතා, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංලම් සිද්ධාර්තන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් , ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසා සිටියේ,

‘”ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගේ දීර්ඝ කාලීන අභිලාෂයන් වූ දේශපාලන විසඳුමක් ඉතාම ඉක්මනින් ලබාදිය යුතුයි කියලා අපි රජයෙන් ඉල්ලා සිටින අතරම 13 වන සංශෝධනය වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඉල්ලීම කරනවා. ආණ්ඩුකාරවරුන් යටතේ පවත්වන පළාත් සභාවලට අවශ්‍ය වූ ඒ මැතිවරණය ඉතාම සීඝ්‍රයෙන් පැවැත්විය යුතුයි කියලත් අපි ඉල්ලා සිටිනවා. උතුරු නැගෙනහිර පළාත්වල ඇතිවෙන නොයෙකුත් ඉඩම් කොල්ලකෑම්, රජයේ අනුග්‍රහයෙන් සිදුවීම පිළිබඳ ව අපේ දැඩි විවේචනය අපි කරනවා.         ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා ඉල්ලා සිටින අතර, ඒ යටතේ අත්අඩංගුවේ සිටින අය නිදහස් කළ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම එකම රටක් – එකම නීතියක් කියන සංකල්පයක් යටතේ ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇති කරලා තියෙනවා. එම බළකාය හරහා මේ රටේ ජනතාව අතර තියෙන සංහිඳියාව, එකමුතුකම සම්පූර්ණයෙන් ම විනාශ වියහැකියි කියන අනාවැකිය අපි ප්‍රකාශ කරනවා. ඒ ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම අපි ප්‍රතික්ෂේප කරනවා.” යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ජනාධිපතිවරණයට තරග කරන්න සූදානම්.. ජනතාව වෙනුවෙන් සක්විති රජකම වුනත් ගන්නවා..

Shiran Viraj

සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

Shiran Viraj

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Shiran Viraj
Translate »