29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
NewsPolitical

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

ඒ හේතුවෙන් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් වැළකී සිටින බව ද රතන හිමියන් පවසති.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරන්නේ අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට මෙතෙක් තමන්ට දැනුවත් කිරීමක් සිදුවී නැති බවයි.

එසේ දැනුවත් කිරීමක් කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා මාසයක කාලයක් ඇති බවත් ඔහු පැවසීය.

එකී මාසයක කාලය ඇතුළත රතන හිමියන් අධිකරණ ක්‍රියාමාර්ගයට නොගතහොත් මන්ත්‍රීධුරය අහෝසි වන බව පැවසූ ඔහු අධිකරණ ක‍්‍රියාමාර්ග ගතහොත් එම නඩුව අවසන් වන තුරු රතන හිමියන් මන්ත්‍රී ධුරයේ රැඳී සිටින බවද ඔහු කියා සිටියේය.

Related posts

එකක් සීයයි..! කලක් තිස්සේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන වෙනස් විදියට කරපු බිස්නස් එකක්.

Shiran Viraj

සියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේ

Shiran Viraj

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Shiran Viraj
Translate »