26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

සීනි තොග සැඟවීම මගින් සීනි ආනයනය ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් තිස් එකක අමතර ලාබයක් ලබා ගැනීමට හැකිවී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මෙම ලාභය ලබා ගන්නේ රුපියල් මිලියන 29,000ක සීනි බදු වංචාවට ද අමතරව බවයි.

රජය විසින් ලබාදෙන ලද බදුසහනය අනුව සීනි කිලෝ ග්‍රෑම් එකක නියම කළ මිල වන්නේ රුපියල් 85ක් වන නිසා ඒ අනුව සීනි ආනයන කරුවන්ට සියලු වියදම් සහ සාමාන්‍ය ලාභය ද ඇතුළත්ව ගෙවිය යුත්තේ රුපියල් අසූ පහක් හෝ ඊට අඩු මුදලක් බවයි.

නමුත් ඒ වෙනුවට සීනි කිලෝ එකකට රුපියල් 116ක් ගෙවීම් මගින් ජාවාරම්කරුවන්ට රුපියල් තිස් එකක අමතර ලාභයක් ලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් අත්අඩංගුවට ගත් සීනි තොග සහ රට තුළ තිබෙන අනෙකුත් සීනි තොග එම මිලට විකුණන්න නම් ජාවාරම්කරුවන්ට අමතරව රුපියල් මිලියන 20,000 ක ලාභයක් ලැබෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම මුදල බැඳුම්කර වංචාවෙන් කළ හානියට වඩා බරපතළ බව ද පවසන ඔහු මෙවැනි ගොං වැඩ හෝ අමු වංචා සිදුවන රටක් ලෝකයේ කොහේ හෝ ඇත්නම් පෙන්වා දෙන්නැයි අභියෝග කරන බවද කියා සිටියේය.

මෙම සීනි ජාවාරම්කරුවන් ජනාධිපතිවරණයට පෙර වියත්මගේ කිට්ටු වන්තයන් ලෙස පෙනී සිටියේ මේ ආකාරය වංචාවන් සඳහා වටපිටාව සකසා පෙනීමට බවද වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

අයුතු ලාභ ලැබීම සඳහා මෙම පිරිස් ජනාධිපතිගේ ගෞරවයට ද විශාල හානියක් කරන බවද පෙන්වා දුන් ඔහු ඔවුන් ජනාධිපති වරයාගේ කීර්තිනාමයට කරන ලබන හානිය සුළු කොට නො තකන බවද කියා සිටියේය.

Related posts

පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj

නාමල් අනතුරේ.. ආරක්‍ෂාව තර කරන්නැයි බුද්ධි අංශ දන්වයි..

Shiran Viraj
Translate »