26.6 C
Colombo
2026-10-10
mediahumanrights.lk
NewsPolitical

01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..

දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද්‍ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

දීර්ඝ කාලයක් රට වසා දැමීමේ හොඳ ප්‍රතිඵල ලැබේ ඇතැයි පෙනෙන්නට තිබෙන බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් රට විවෘත කලත් රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයන් කැදවීම 25% සීමාව තවදුරටත් පවත්වාගෙන යා යුතු යැයි ද පවසන ඔහු පොදු ප්‍රවාහන සේවා වල මගින් රැගෙන යාම ද 50%ක සීමාවේ දිගටම තබා ගත යුතු බවත් සඳහන් කළේය.

විවාහ උත්සව, ප‍්‍රිය සම්භාෂණ පැවැත්වීමට තවදුරටත් නොහැකි විය යුතු බවද පැවසූ ඔහු රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැක්කේ එන්නත්කරණය සියයට 70-80 සීමාවට ළඟා වූ පසු යැයි ද කියා සිටියේය.

රට වසා දැමී කාලයේදී මරණ හා ආසාදිතයන් සංඛ්‍යාව සතුටුදායක ලෙස අඩු වී ඇති බවත් එය යහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිල

Shiran Viraj

Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?

Shiran Viraj

ශෂී වීරවංශ ඇප මත නිදහස්…

Shiran Viraj
Translate »