27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ යෝජිත සංචාරයේදී ද්විපාර්ශවීය කරුණු කාරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්, පාස්කු ප්‍රහාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සිදුවන බවය.

මේ අතර (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ, කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

විදේශිය රටවල් පවා ඒ වගේ ම ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉටුකොට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනේනට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ජනාධිපතිතුමාට ජූලි මාසේ දොලොස්වෙනිදා දිනය දරණ ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා. මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. මේ ප්‍රශ්නය මගඇරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා. මේ සම්බන්ධයෙන් අපි වතිකානුවේ යුක්තිය හා සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කළින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක්ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපිට තියෙන්නේ ඒ කරුණු ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. මේ රටේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු දූෂිත දේශපාලන ක්‍රමවේදය, දැන් ඒක එක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තියනවා. අපිට මේ රටේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයිද කියලා අපිට සැකයත් මතුවෙලා තියනවා. රටේ නීතිය පිළිබඳ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳ ලිට්නස් පරීක්ෂණයක් වගේ වෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගැනීමේ වැඩපිළිවෙළ. තමන්ගේ පක්ෂෙ කෙනෙක් වුණත් වැරැද්දක් කරලා තියනවා නම් ඒ වැරැද්දට දඬුවම් ලබාදීම සඳහා උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒකයි අපි අවංක දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ව ආරක්ෂා කරගන්න ජ්‍යාතන්තරේට ගිහිල්ලා ජාත්‍යන්තරේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිට කොන්ද තියන මිනිස්සු කරන්නේ. මේ ජාත්‍යන්තරේට යෑම ඉතාමත් ම බාල බොළඳ වැඩක්. දප්පුල ද ලිවේරා නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා නිව්ස්ෆස්ට් නියෝජිතයෙකුට මේක ග්‍රෑන්ඩ් විශාල කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අපිට දැනගන්න ඕන. ජනාධිපතිතුමා බලයට එනකොට වේදිකාව උඩ මොරදුන්නේ මොනවද? එක රටක් එක නීතියක්. දැන් අපිට පේනවා එක රටක් ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක්. ජාත්‍යන්තරේට ගිහිල්ලා ඒක අස්සේ හැංගෙන්න උත්සහ කරන එක බොහොම ළඳබොළඳ වැඩක්. ඒ නිසා අපි අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් කියනවා ඔය බාල්දු වෙන වැඩේ කරන්න යන්න එපා. අපි නෙමෙයි ජාත්‍යන්තරේට ගියේ. ඔබයි ගියේ. අන්න මතක තියාගන්න

ප්‍රශ්නය –

වත්මන් ආණ්ඩුව හොඳ නැහැ කිව්වට මේ ආණ්ඩුව ගේන්නත් හොඳ ගතිගුණ වර්ණනා කරපු කාලයක් තිබුණනේ. ඇයි මේ තත්ත්වෙට වැටුණේ.

කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

මෙහෙමයි වුණේ ඒක. එදා පාස්කු ප්‍රහාරය ඇතිවුණ වෙලාවේ පැවති රජය ඒ පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් ඒ අදාළ පුද්ගලයන්ව සිර භාරයට ගන්න හෝ ඒක වළක්වන්න කටයුතු නොකළ නිසා අපි ඒ රජය විවේචනය කරන පසුබිම තුළ යම් ආකාරයකට අනිත් අය හිතුවනම් ඒක මේ අපි අනිත් අයට සහය දීමක් කියලා ඒක වැරදි අර්ථකතනයක්

– newsfirst

Related posts

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Shiran Viraj

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයි

Shiran Viraj

ඡන්දෙ ඉල්ලන්න සැරසෙන රජ්‍ය නිලධාරීන්ට දාපු සීමාව හොඳයිලු

Shiran Viraj