mediahumanrights.lk
News Political

ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනිතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල හිමිකරුවන් සහ සේවකයින් 150 දෙනෙකු අහඹු ලෙස (09) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.

නාවලපිටිය පස්බාගේ කෝරලයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ,නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත නාවලපිටිය නගර මධ්‍යයයේදි මෙසේ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණය සිදු කරනු ලැබුහ.

අහඹු ලෙස  පි.සි.ආර් පරික්ෂණ භාජනය කරනු ලැබු පුද්ගලයින්ගේ  දත්ථ වාර්ථාවක් මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන් විසින් ලබා ගත් අතර එම පරික්ෂණයේදි අසාදිතයන් හමුවුවහොත්  එම අසාධිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරණ බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

රතන සූත‍්‍රය දේශනාකරන්නැයි අගමැති සියලූ විහාරස්ථානවලින් ඉල්ලයි

Shiran Viraj

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

Shiran Viraj

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයි

Shiran Viraj