mediahumanrights.lk
News Political

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ.

යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ මහතා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාල දේශනයෙන් පසු ඔහු ඉතාලිය බලා පිටත් වීමට නියමිතය.

මේ අතර අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරයේ අරමුණ පාප්වහන්සේ මුණගැසී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය වසන් කිරීම බවයි.

නමුත් අගමැති මාධ්‍ය ඒකකයත් විදේශ අමාත්‍යංශයත් නිවේදනය කළේ අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී පාප් වහන්සේ මුණ ගැසීමක් සිදු නොවන බවය.

Related posts

“දැනට ලොකු බලපෑමක් නෑ” සතිපතා ආනයනය කරන භාණ්ඩවල මිළ ඉහල යා හැකියි

Shiran Viraj

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

Shiran Viraj

දුරකතනයට ඊමේල්වලට වහා පිලිතුරු දෙන්න.. ඇගට ගොඩවෙන්න බෑ..- රාජ්‍ය සේවකයන්ට නව චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj