2026-09-15
mediahumanrights.lk
Local NewsNews

සාම්පල 88කින් 84ක්ම ඩෙල්ටා.. ලංකාවෙන් නව ප‍්‍රභේදයක් බිහිවීම ආසන්නයේ..

කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ලෙන් ලබාගත් ජීව සාම්පල වල ජාන විශ්ලේෂණය අනුව 88 දෙනෙකුගෙන් 84 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් යයි හදුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ ඔවුන් ද සමග මෙතෙක් මෙරටින් හඳුනාගත් ඩේටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 201ක් බවයි.

ඩෙල්ටා ආසාදිත වැඩි පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගත් බව ද පැවසූ ඒ මහතා මහනුවර, මාතලේ, රත්නපුර, නුවරඑළිය, ගාල්ල, වව්නියාව, මාලඹේ ගම්පහ ප්‍රදේශවලින්ද ඒවා හඳුනා ගත් බවද කියා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් හමුවන ඩෙල්ටා ප‍්‍රබේධයේ තවත් විකෘතිතා තුනක් හඳුනා ගත් බවද පැවසූ ඔහු මෙතරම් වේගයෙන් වෛරසය පැතිරීමට ප්‍රධාන හේතුව එය විය හැකි බවද පවසයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී මෙරට නව කොරෝනා ප්‍රභේදයක් වර්ධනය වීමට ඉඩකඩ ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ඇමෙරිකානු ප්‍රහාරය හමුවේ රජයේ නිහඬතාවට හේතුව ආරක්ෂක ගිවිසුම විය හැකි බව මොහාන් සමරනායක පවසයි

Shiran Viraj

රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Shiran Viraj

SF ලොක්කා වෙඩි වැදීමකින් මරුට

Shiran Viraj
Translate »