mediahumanrights.lk
NewsPolitical

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

මෙරට ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේ නමක් සමග පවතින වසංගත තත්වය පිලිබද අදහස් හුවමාරු කර ගනිමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දිනයේ පැවැත්වෙන කොරෝනා මර්දන කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින වයිරස් ව්‍යාප්ති තත්ත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (12) ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබේ.

Related posts

වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයි

Shiran Viraj

බොරු ප්‍රකාශ කලේ යයි වසන්ත සමරසිංහට එරෙහිව නඩු…

Shiran Viraj

මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

Shiran Viraj
Translate »