26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් පසුගිය දින කිහිපයේ දී ඉහළ ගොස් තිබුණද නව කොරෝනා රැල්ලක් මතුව ඇතැයි නිශ්චිත වශයෙන් තොරතුරු ඉදිරිපත් කල නොහැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

පසුගිය සතියේ දී දිනකට ආසාදිතයන් 2000-2500ක් අතර සංඛ්‍යාවක් වාර්තා වෙමින් ඇතැයි ද ඇය පැවසීය.

ආසන්න කාලය තුළ ගෝලීයවත් දකුණු ආසියානු කලාපයේත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ඇති බවත් ඒ හා සමාන්තරව ශ්‍රී ලංකාවේ ද රෝගීන් ඉහළ ගොස් ඇති බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද අනුව සාර්ථක එන්නත්කරන සහ නිරෝධායන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම මත මහා රැලි ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇතැයි ද ඇය පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිනිය මේ බව කියා සිටියාය.

Related posts

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Shiran Viraj

ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර

Shiran Viraj

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Shiran Viraj
Translate »