31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

මංගල ෆයිසර් මාත‍්‍රා දෙකම ගත් අයෙක්.. මිය ගිය හේතුව මෙන්න..

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා මර්දනයට ලබා දෙන ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක් බව වාර්තා වෙයි.

ඔහු කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිට පසුව සුව අතට හැරී තිබින.

රෝහල්ගත කරන අවස්ථාවේ ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වය පසුවුවත් ප්‍රතිකාර වලින් අනතුරුව ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ.

සුව අතට හැරෙමින් සිටින මංගල සමරවීර මහතාට ඊයේ දිනයේ දී හදිසියේ ඇති වූ හෘදයාබාධයක් උත්සන්න වීමෙන් ඔහු මරණයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

සමරවීර මහතාට දිගු කාලයක සිට දියවැඩියා රෝගය සහ වකුගඩු දුර්වලතාවයක් තිබී ඇති අතර ඒ සඳහා ද ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

Related posts

වනෝද්‍යාන භූමි ආරක්ෂාවට විශේෂඥයින්ගේ සහාය

Shiran Viraj

රූබල් වලින් ගෙවනු.. නැතොත් ගෑස් සැපයුම නවතනවා..- රුසියාව යුරෝපයට දැනුම් දෙයි..

Shiran Viraj

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Shiran Viraj
Translate »