26.1 C
Colombo
2026-09-10
mediahumanrights.lk
Local NewsNews

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් යම් තාක් දුරකට හෝ රට මුදා ගැනීමට නම් අවම ලෙස සති 2කට හෝ රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ කලින් කළ යුතුව තිබූ බොහෝ දේ නිසි ලෙස ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා අද රට ඉතා භයානක තත්වයකට පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් තම සංසදය මුල සිටම අනතුරු ඇඟවීම් කළද එය නොසලකා හැරීමෙන් පවතින තත්ත්වයට රට ඇද වැටී ඇතැයිද ඔහු පැවසීය.

රට වසා දැමීමෙන් ආර්ථික අපහසුතා ඇතිවන බව පැවසුවත් නමුත් අවම වශයෙන් රට සති දෙකකට වසා නොදමන්නේ නම් ඇතිවන ආර්ථික හානිය රට වසා දැමීමෙන් ඇතිවන තත්ත්වයට වඩා ප්‍රබල වනු ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj

ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..

Shiran Viraj

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Shiran Viraj
Translate »