mediahumanrights.lk
Local News News

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් පවත්වයි.

පොලිසිය පවසන්නේ මෙම පිරිස අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම නිවස ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටි ආරක්ෂකයින් විසින් මෙම වීඩියෝ ගත කිරීම දැක ඇති අතර ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔවුන් විසින් අදාළ වාහනයේ සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියා සිටී.

Related posts

පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය මත කථානායක නැගිට යයි

Shiran Viraj

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Shiran Viraj

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….

Shiran Viraj