2026-01-13
mediahumanrights.lk
NewsPolitical

මාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

—–

මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් පිළිබඳ දත්ත වසංගත රෝග විද්‍යා අංශය මගින් විකෘති කර ඇතැයි ද, රටට ලෝකයට බොරු කීමෙන් කෝව්ඩි රෝගීන් ට ලැබෙන පහසුකම් අවම වී ඇත.

මධ්‍යම පලාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තා අනුව මාතලේ දිස්ත්‍රික්කයේ පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් අගෝස්තු 17 දක්වා කෝවිඩ් රෝගීන් 11,573 ක් හදුණාගෙන ඇත. නමුත්, වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මාතලේ කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 8908 ක් බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ දත්ත සහ වසංගත රෝග අංශයේ දත්ත අතර රෝගීන් 2665 කි.

පුදුමයට කරුණ නම් රත්තොට, මාතලේ, නාවුල ඇතුළු ප්‍රදේශවල කෝවිඩ් නිසා රජයේ සහනාධාර ලැබූ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කළ නිවාස සංඛ්‍යාව පවා ජාතික දත්ත මගින් විකෘති කර තිබීමය.

‘නිවැරදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පවා වී හෝ කවදා හෝ කාගේ හෝ වහළුවන් බවට පත්වනු ඇතැයි‘ ප්‍රකට ජනසන්නිවේදන විශේඥයෙකු වන හැරන්ඩ් ලැස්කි පවසා ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව මධ්‍යම පලාතේ ද ශ්‍රී ලංකාවේ ද කෝව්ඩි දත්ත විකෘති කිරීම ව්‍යසනයක් බවට පත්ව ඇත. වැරදි තීන්දු තීරණ සමස්ත ජාතියම වහළුන් බවට පත් කොට ඇත. රෝගීන්ට ඖෂධ, ඔක්සිජන් ඇති මිහිපිට ඛෙදවාචකයක් නිර්මාණය කර ඇත. මිය යන කෝවිඩ් රෝගීන් ගේ සිරුරු ආදාහනය කර ගත නොහැකි තදබදයක් ආදහනාගාර මට්ටමින් මතුව ඇත.

මධ්‍යම පළාත් කෝවිඩ් දත්ත විකෘතිය කිරීමෙන් වාසි ලබන කිසිවෙකුත් නැත. වෛද්‍යවරුන්. හෙදියන්, සහාය කාර්ය මණ්ඩල මේ වන විට දැඩි අපහසුතාවට පත්ව ඇත. රොගීන්ගෙන් රෝහල් පිරී ඇත. රෝගීන් සංඛ්‍යාව සැඟවීම නිසා රෝහල් කාර්ය මණ්ඩල දැඩි අපහසුතාවට ද, මානසික පීඩනයකට ලක්ව ඇත.

රෝගීන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව සැඟවීම තුලින් මාතලේ දිස්ත්‍රික්කයට හෝ රටට සිදුවන සෙතක් නැත. ජනතාවට සිදුවන්නේ ව්‍යසනයකි. සැබෑ දත්ත මත පදනම්ව මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල්වලටත්, රටේම රෝගීන්ටත් පහසුකම් සැලසීමට රජය ක්‍රියාකළ යුතුය.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි

Related posts

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීමට ඉසුරුපායෙන් ලිපි නෑ…

Shiran Viraj

‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

Shiran Viraj
Translate »