mediahumanrights.lk
Local News News

බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි.

ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.

ජනාධිපති, අගමැති, මුදල් ඇමති, සෞඛ්‍ය ඇමති, හමුදාපති, පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එම රැස්වීමට සහභාගී වී සිටි අතර ඔවුන් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වෙයි.

Related posts

COVID 19 ආසාදිතව සුවය ලැබු තවත් 63දෙනෙකු රෝහල්වලින් පිටව යයි

Shiran Viraj

මෝටර් රථය ඇලට පෙරළෙයි! මව පියා මරුට දරුවෙක් අතුරුදන්!

Shiran Viraj

කාලගුණයෙන් රතු නිවේදනයක්..

Shiran Viraj