mediahumanrights.lk
Local NewsNews

පුද්ගලික රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් බාර නොගනී.. ප‍්‍රභූන්ටද ඇදන් සොයාගන්න බෑ..

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි.

මෙරට පුද්ගලික රෝහල විසින් ‍ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය.

නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති නිසා තවදුරටත් ඒ සඳහා සෞඛ්‍ය පහසුකම් ලබාදීමට නොහැකි වීම මත මෙම පියවර ගෙන ඇත.

මේ අතර වාර්තා වන්නේ මෙරට ඇත්තම් ඉහළ පැළැන්තියේ ආසාදිත පුද්ගලයන්ටද රෝහල් ඇඳන් සොයා ගැනීම දැඩි අපහසු කටයුත්තක් වී ඇති බවයි.

ඔවුන් තම ඉහල සබඳතා භාවිතා කරමින් රෝහල් පහසුකම් සොයා ගැනීමට උත්සාහ කළ ද එයද ඉතා අසීරු තත්වයකට පත්ව ඇත.

Related posts

සජිත්ගේ අවශ්‍යතාවය අද ජනතාවට දැනිලා.. සජිත් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා..

Shiran Viraj

දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමු

Shiran Viraj

ඩුබායි හි පන්දම යළි ගිනි ගනී

Shiran Viraj
Translate »