mediahumanrights.lk
NewsPolitical

රතන හිමි ඉල්ලා අස්වෙයි.. ඥාණසාර හිමි පාර්ලිමේන්තු වඩී…

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට නියමිතව ඇති බව අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අපේ ජන බල පක්ෂයට පසුගිය මහා මැතිවරණයෙන් ලැබුණු මන්ත්‍රී ධූරය පිළිබඳව අර්බුදයක් පැන නැගුනු අතර එම අර්බුදය විසඳීම සඳහාත් ගෞරවය උදෙසාත් තමන් වහන්සේ මාස 3කට පාර්ලිමේන්තුව නියෝජනය කර ඉන් ඉල්ලා අස්වී පුජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමිට පත්වීමට අවස්ථාව ලබා දෙන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමි එකඟතාවයකට පත්වූ බව සමන් පෙරේරා මහතා සඳහන් කර සිටියි.

එහිදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කාලය මාස 3 ක් නොව 6 ක් උවද තමන් වහන්සේට ගැටළුවක් නොවන බව ඥානසාර හිමි විසින් සඳහන් කල බවයි ඔහු පවසා ඇත.

ඒ අනුව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගිය ජනවාරි 5 වන දින මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර ජූලි 5 වනදාට මාස 6ක කාලය සම්පුර්ණ වේ.

අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඥානසාර හිමියන්ව මන්ත්‍රී ධූරයට පත්කිරීමට පක්ෂය සුදානමින් සිටින බවද සමන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

lankacnews.com

Related posts

දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක

Shiran Viraj

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

Shiran Viraj
Translate »