2026-09-03
mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…

බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සිය මන්ත‍්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටී.

පොදුජන පෙරමුණේ පත් කල මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසන්නේ බැසිල් රාජපක්‍ෂ මහතාට අවස්ථාව දීම සහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් සියළු දෙනාම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.

මීලග පාර්ලිමේන්තු සැසි වාරයේදී බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානමක් ඇති අතර ඒ සදහා ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු පිවිසීමෙන් පසු බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් සම්බන්ධ වගකිම් ගණනාවක් සහිත ඇමති ධුරයක දිවුරුම් දීමටද නියමිතව ඇත.

Related posts

විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…

Shiran Viraj

සමයං මරන්න ආ වාහන දෙකම හසුවේ

Shiran Viraj

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

Shiran Viraj
Translate »