29.5 C
Colombo
2026-09-15
mediahumanrights.lk
Local NewsNews

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සමග සාකච්ඡා කිරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.

එම සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව ද එම එන්නත් ප‍්‍රමාණය මාස් පතා ලබා ගැනීමට හැකියාව ඇති බව දැනට පෙනී යන බවද ඔහු පැවසීය.

එමෙන්ම රුසියාව විසින් ලබා දෙන ‘ස්පුට්නිට්’ එන්නතද ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ‍්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව ජුලි මාසය වන විට වසංගතය අපේ‍්‍රල් මස මුල පැවති ආකාරයටම සාර්ථකව පාලනය කිරීමේ හැකියාව තිබෙන බව විශ්වාසයෙන් කිව හැකි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

එතෙක් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉතා ඔ්නෑකමින් සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ඖෂධ සැපයුම් හා නියමන රජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරුන් කොළඹ සිටින චීන තානාපතිවරයා සමග ඊයේ දිනයේදී මේ ගැන සාකච්චාවක් පවත්වා තිබින.

Related posts

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Shiran Viraj

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

Shiran Viraj

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීමේ සිද්ධියට ඇල්ලූ අල බෝලේ අධිකරණයට

Shiran Viraj
Translate »