2025-12-14
mediahumanrights.lk
NewsPolitical

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඖෂධ වර්ග අනුමත කරන්නේ එක් එක් රටවල ජනාධිපතිවරැන්ට උවමනා ලෙස නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සංවිධානය වෛද්‍යවරුන් දස දහස් ගණනක් ගණනක් සිටින බවක් එක් එක් රෝගය සඳහා වෙනම විශේෂඥ සිටින බවත් ඔවුන් විසින් දීර්ඝකාලීන පරීක්ෂණ ක්‍රියාවලියකින් පසු සුදුසු ඖෂධ අනුමත කරන බවත් ඔහු පැවසීය.

කොරෝනා සදහා නිපදවා ඇති චීන එන්නත අමුත කලේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රධානියා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමග පැවති සාකච්චාවකින් පසු බවට ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසිනි සිදුකරනු ලද ප්‍රකාශය විහිලුවක් යයිද පැවසූ මන්ත‍්‍රීවරයා ‘එය ආව ගමන් අතහරින ලද හොඳ ගොමබෙට්ටක්’ යැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

Shiran Viraj

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගු

Shiran Viraj

යුක්‍රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි

Shiran Viraj
Translate »