28.9 C
Colombo
2026-08-06
mediahumanrights.lk
Local NewsNews

අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…

පැතිර යන කෝවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම , ධර්ගා නගරය , සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට කළ නි නියෝගය දෙ දිනකින් පසු ඉවත්කර යළි 4 දින සිට එම නගර තුනේ වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දීමට කටයුතු කළ බව අලුත්ගම සහ බේරුවල පොලිස් ස්ථාන සඳහන් කළහ .

මෙම නගර තුනේ අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල්පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මැයි මස 2,3 දෙදින වසා තැබූ අතර වෙළෙඳ ප්‍රජාව, බේරුවල නගරාධිපතිවරයා , පොලිස් නිලධාරින් හා රාජ්‍ය නිලධාරීන් එක්ව බේරුවල නගර සභා පරිශ්‍රයේදී කළ සාකච්ඡාවකින් පසුව ගත් තීරණයක් අනුව යළි මෙම වෙළඳ සැල් විවෘත කිරීමට කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා අවසර දුන් බව බේරුවල නගර සභාවේ නගරාධිපති මසාහිම් මොහොමඩ් මහතා සඳහන් කළහ .

ඒ අනුව දෙදිනක් වසා දමා තිබූ අලුත්ගම , බේරුවල, සහ දර්ගා නගරයේ වෙළඳසල් සියල්ල සහ අලුත්ගම නගරයේ වසා දමා තිබූ රජයේ බලපත් හිමි රටබීම වෙළඳසැල් 4 දින සිට යළි විවෘත කිරීමට අවසර ලබාදී ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළහ .

Related posts

කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ

Shiran Viraj

උදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්

Shiran Viraj

කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතිය

Shiran Viraj
Translate »