26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා එන්නත් 13000ක් පමණ බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ දෙමාපියන් සඳහා ලබාදී තිබෙන බවද එම ප‍්‍රමාණය රට තුල සිදු කරන ලද මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් සමහර වෘත්තීය සමිති නායකයන් විසින් එම සෞඛ්‍ය සේවකයන් එන්නත ලබා ගැනීම ඔවුන් ලැබූ වරප්‍රසාදයක් ලෙස අර්ථ දැක්වීමට පටන්ගෙන ඇතැයි ද ලේකම්වරයා කියා සිටියේ ය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි – සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාර

Shiran Viraj

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Shiran Viraj

හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයි

Shiran Viraj
Translate »