27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
NewsPolitical

චීන කොරෝනා එන්නත දීලා ජනතාව අනතුරේ දාන්න ආණ්ඩුව හදනවා..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිව් දෙනෙක් එම අධිකාරියෙන් ඉවත් කර චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත ලංකාවට ගෙන්වා තිබෙන බවත්, එම සාමාජිකයින් ඉවත්වීමට සිදුවූයේ චීන එන්නතට අනුමැතිය ලබා නොදුන් නිසා බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත ජනතාවාදී බුද්ධි මණ්ඩපය සමග ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ මාලාවක් මේ දිනවල දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කරන අතර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ හා කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සම්මන්ත‍්‍රණ පහක් පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

කොරෝනා එන්නත ගෙන ඒම ආණ්ඩුව පරක්කු කළා. දැන් චීනයේ සිට ලංකාවට ගෙන එන කොරෝනා එන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති බව අපේ විද්වත් ආචාර්යවරු පවසනවා. හැබැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආචාර්යවරු, වෛද්‍යවරු මේ එන්න අනුමත කරන්න බැහැ කියලා කිව්වම ඔවුන්ට අස්වෙලා යන්න කියලා ආණ්ඩුව කිව්වා. ඒ විදියට හතර දෙනෙක් ඉල්ලා අස්වෙලා ගියා. ඒ මේ එන්නත අනුමත කරන්න බැහැ කියලයි.

ඊට පස්සේ ලංකාවේ වත් ඉන්නේ නැති වෛද්‍යවරයෙක් මෙහි සභාපතිවරයා බවට පත් කරලා තියෙනවා. මේ සභාපතිවරයා විදියට පත් කළේ කවුද? දකුණු පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ පුතා තමයි දැන් සභාපති විදියට පත් කරලා තියෙන්නේ. ඊට පස්සේ චීන එන්නත ලංකාවට ගෙන්වීමට අවසර දීලා තියෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ ලංකාවට ඖෂධ ගෙන්වීම පිළිබද තීන්දු තීරණ ගන්න තැන. එතැනත් දේශපාලනීකරණය කරලා තමයි චීන වැක්සින් එක ලංකාවට ගෙන්වා ගැනීමට තිරණය කරලා තියෙන්නේ. මිනිස් ජීවිත සම්බන්ධයෙන් මේ ආණ්ඩුවට තියෙන කැක්කුම මොන වගේද කියලා ඒකෙන් පේනවානේ.

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව දවසින් දවස පිරිහෙනවා. මේ ආණ්ඩුවේ පිරිහීම සක්කරයටවත් වලක්වන්න බෑ. ඒ නිසා තමයි විපක්ෂයේ අපිට ජනතාව දැනුවත් කරන්න මේ වගේ සම්මන්ත‍්‍රණ පැවැත්වීමට සිදුවෙලා තියෙන්නේ.

මේ ආණ්ඩුව පරිසරය විනාශ කරනවා. කැලේ කපලා ඉඩම් දෙන්නේ ගමේ ගොවියාට නෙමෙයි. කොළඹ ඉන්න ව්‍යාපාරිකයින්ට තමයි මේ ඉඩම් ලබාදෙන්නේ. කැලෑ කැපුවට පස්සේ ජනතාවට වල් අලි ප‍්‍රශ්ණයට මුහුණ දෙන්න සිදුවෙලා. ඒ මිනිසුන්ට මුහුණපෑමට සිදුවන ප‍්‍රශ්ණ ගැන ආණ්ඩුවට කිසිම ගානක් නැහැ.

දැන් රටේ ආර්ථිකය දවසින් දවස කඩාගෙන වැටෙනවා. දැන් රුපියල දවසින් දවස අවප‍්‍රමාණය වෙනවා. දැන් ඩොලර් එකක් ගන්න රුපියල් දෙසීය දෙකක් ගෙවන්න සිදුවෙලා තියෙනවා.

lankacnews

Related posts

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්

Shiran Viraj

පොල් රුපියල් 80ට

Shiran Viraj
Translate »