2026-08-08
mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…

තම අධිකාරියේ ප්‍රමිති ලාංඡනය ලබා ඇත්තේ දේශීය පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් සදහා පමණක් යැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

අධිකාරිය නිකුත් කරන තරු සලකුණු පහකින් යුත් එම ප්‍රමිති ලාංඡනය පොල්තෙල් බෝතලයේ ප්‍රදර්ශනය කළ යුතු බවත් බුද්ධිමය දේපල කාර්යංශයේ ලියාපදිංචිය විය යුතු බවත් ඔවුන් පවසයි.

2018 වසරේ ආරම්භ කර ලද මෙම ප්‍රමිතිකරණය අනුව 2020 සැප්තැම්බර් මස වන විට නිෂ්පාදකයන් 07 දෙනෙකුට පමණක් ලාංඡනය පිරිනමා තිබේ.

මේ වන විට දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් 25 දෙනකු පමණ මෙම ප්‍රමිති ලාංඡනය අයදුම් කර ඇති අතර එම නිෂ්පාදන පිළිබඳ පරීක්ෂණ කරමින් සිටී.

ආනයනය කරන පොල් කෙල් කිසිදු ලෙසකින් පොල් සංවර්ධන අධිකාරියේ නියාමයට ලක් නොවන බවද එම අධිකාරිය කියා සිටියි.

Related posts

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

Shiran Viraj

යොවුන් කණ්ඩායමක් සහ නවක නායකයෙකු යටතේ ලැබූ ජය ඉතිහාසයට එක් වෙයි

Shiran Viraj

තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

Shiran Viraj
Translate »