mediahumanrights.lk
NewsPolitical

ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

එම විහාරස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණ ඇති ජනාධිපතිවරයා සහ නාහිමියන් අතර මෙම සාකච්ඡාව පැයක පමණ ආසන්න කාලයක් පැවැත් වී ඇතැයිද වාර්තාවේ.

මෙම සාකච්චාව සිදුවන අවස්ථාව සදහා මාධ්‍ය හෝ බාහිර කිසිදු පුද්ගලයෙකු සහභාගි වී නැති අතර නාහිමියන් සහ ජනාධිපතිවරයා අතර පමණක් සාකච්ඡාව සිදු කර ඇත.

ගැටඹේ නාහිමියන් විසින් මෑතක දී ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචන කිහිපයක්ම එල්ල කරන ලද අතර එම විහාරස්ථානයට ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුටම නාහිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරන ලදී.

Related posts

හෝටලයක් වටලා මත් වූ පාසැල් සිසුන් 200ක් අල්ලයි!- ‍ෆේස්බුක් හරහා සිදු වූ තවත් ජාවාරමක් මෙන්න

Shiran Viraj

විසිපන්දහසේ දඩය ගැන ගැමුණුගේ ස්ථාවරය ඉරිදා! අන්ජන සාකච්ඡාවක! ත්‍රීවීල් මත දෙකක

Shiran Viraj

රනිල් සිරිකොතේ පැත්තක් වහයි

Shiran Viraj
Translate »