mediahumanrights.lk
NewsPolitical

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන අවසන් තීරණය ගන්නේ විශේෂඥ කමිටුවයි – රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි

කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරිය ගෙන් විමසා සිටියේ කොවිඩ් මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරිම කවදා සිදුකරන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ එම කරුණ සම්බන්ධයෙන් අවසන් තිරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් බවයි.

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින් ගේ මළ සිරුරූ භූමදානය කිරිමට අවසර ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

nethnews

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි..

Shiran Viraj
Translate »