25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් කරුංකා තොගයක් නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට උත්සහ කළ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

මේ අතර තීරු බදු ගෙවූ බවට ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් කාගෝ ආයතනයේ තිබූ භාණ්ඩ තොගයක් නිදහස් කරගෙන ගොස් තිබූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ. 

nethnews

Related posts

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

Shiran Viraj

සතියක තහනමෙන් පසු මන්ත‍්‍රී දිනේෂ්ගේ පාර්ලිමේන්තු විශේෂ ප‍්‍රකාශය අද

Shiran Viraj

මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..

Shiran Viraj
Translate »