mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනා මතයි.

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරුව දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැත.

Related posts

OL ලියූ සියළු සිසුනට AL අරඹයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..

Shiran Viraj

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

Shiran Viraj
Translate »