mediahumanrights.lk
International NewsNews

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට එම සිනමා ශාලාව ඉදිරිපිට නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් රැදි සිටිහ.

තෛපොංගල් දිනය නිමිත්තෙන් ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන විජය රංගනයෙන් දායකත්වය දක්වන එම චිත්‍රපටිය (13) දින දිවයිනේ සිනමා ශාලා ගණනාවකම තිරගත කරන ලදි.

හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවේදි එම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මතයි වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට එම සිනමා ශාලාව ඉදිරිපිට රැදි සිටිහ.

එවැනි චිත්‍රපටියක් (13) දින ප්‍රදර්ශනය කිරිමට එම සිනමා ශාලාවේ හිමියන් කටයුතු නොකර සිටියදි වතුකරයේ තරුණයන් පිරිසක් සිනමා ශාලාව ඉදිරිපිට රැදි සිටිම නිසා හැටන් පොලිසියේ නිලධාරින් එම පිරිස පලවා හැරිමට කටයුතු කලහ.

Related posts

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Shiran Viraj

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ වැටුප පුණ්‍ය කටයුතුවලට

Shiran Viraj

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj
Translate »