2026-09-04
mediahumanrights.lk
NewsPolitical

ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

ඉන්ධන මිල වැඩි කිරීමට තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේ නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ බොරතෙල් මිල ඉහළ යාම නිසා තෙල් සංස්ථාව පාඩු විඳින බව පමණක් කැබිනට් මණ්ඩලයට පැවසූ බවයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ.

‘මා විසින් ඉන්ධන මිළ ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැත. මා පැවසුවේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 58 ඉක්මවා ගොස් ඇති බැවින් ඩීසල් ලීටරයකට රු 10/-ක් ද පෙට්‍රල් ලීටරයකට රු17/-ක් ද සංස්ථාව පාඩු විදින බවයි.

භාණ්ඩාගාරය තෙල් මිළ පහත වැටී තිබුණු සමයේ ඛණිජතෙල් මත අය කර ඇති බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිළ ඉහළ දැමීමට සිදුවන බව මම පෙන්වා දෙනු ලැබුවෙමි. එමෙන්ම එක් එක් ඉන්ධන වර්ගය මත දැනට පනවා ඇති බදු ප්‍රමාණයන් ද පෙන්වා දෙනු ලැබුවෙමි.

මෙම අවස්ථාවේ දී ජනාධිපතිතුමා පැවසුවේ ඉන්ධන මිළ මේ අවස්ථාවේ ඉහළ දැමිය නොහැකි බැවින් භාණ්ඩාගාරය විසින් පනවා ඇති බදු අඩු කළ යුතු බවයි. ඇත්තෙන්ම මාගේ අරමුණ වූයේ ද එයයි’

Related posts

ඉරාන විරෝධතා මර්දනයෙන් 12,000ක් මියගිය බවට වාර්තා – අන්තර්ජාලය සහ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අඩපණ කෙරේ

Shiran Viraj

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Shiran Viraj

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj
Translate »