ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. යම් පිරිස් එම අනපේක්ෂිත ප‍්‍රකාශය පිළිබඳව විශ්මයට පත් වූ අතර තවත් පිරිසක් ඒ පිළිබඳව උද්දාමයට පත් විය. ඒ අනුව ”අපි දින්නා” මනෝභාවය සහිත ආණ්ඩුවේ යම් පාර්ශ්ව වලට අනුව ඇමරිකානු රාජ්‍යය විසින් එම්. සී. සී. ගිවිසුම අකුලා ගැනීම යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රභල ජයග‍්‍රහණයකි. ඔවුනට අනුව එය ඇමෙරිකාවට එරෙහිව මොළෙන් පහරදී ලබා ගත් ජයග‍්‍රහණයකි.
ශ‍්‍රී ලංකා රජය විසින් එම්.සී.සී. ගිවිසුමට අදාළ එකඟතාවන් අදාළ කාල පරාසය තුළ ලබා නොදීම නිසා ඊනියා එම්. සී. සී. ආධාර වැඩසටහනින් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව කියවේ. ඒ අනුව මොළෙන් පහරදීම යනු සෘජු තීන්දුවක් ප‍්‍රකාශයට පත් නොකර රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ‘‘ඇද – ඇද සිටීම’’ බව පැහැදිලි වේ.
ඒ ආකාරයට තාක්ෂණික හේතුවක් මත ශ‍්‍රී ලංකාව එම්. සී. සී. වැඩසටහනින් ඉවත් කරන බව නිලවශයෙන් සඳහන් වුවද 2019 වසරේදී එම ගිවිසුමට අත්සන් ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට බරපතළ රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනයක් එල්ල වූ බව රහසක් නොවේ. එදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දින 53 ක් සඳහා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම නිසා ඇති වූ අවුල සහ එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා පුද්ගලිකව බරපතළ මැදිහත්වීමක් සිදු කළ නිසා එදා ශ‍්‍රී ලංකික ජාතියට එම්. සී. සී. මර උගුලින් ගැලවීමට හැකියාව ලැබුණි. ඒ පිළිබඳව දේශපාලන ගෞරවය මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නොලැබීම එක්තරා ආකාරයකට එම්. සී. සී. විරෝධී කඳවුරට අවාසිදායක බවට ද තර්කයක් ගොඩ නැගිය හැක. කෙසේ වෙතත් ඊනියා යහපාලන රජයේ ජනාධිපති සහ අගමැති දෙපැත්තට කඹ ඇදීම නිසා එම්. සී. සී. ගිවිසුම තාවකාලිකව ආපසු හැරවීම සඳහා විමල් වීරවංශ සහ ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන් විසින් දියත් කළ එම්. සී. සී. විරෝධී ජාතික ව්‍යාපාරයට ප‍්‍රභල මහජන විරෝධයක් ඇවිලීමට අවස්ථාව ලැබුණි. අවසානයේදී එම්.සී.සී විරෝධී සටන් පාඨයට ජනාධිපතිවරණ වේදිකාවේ ප‍්‍රභල ස්ථානයක් හිමි විය. ඒ අනුව පූජ්‍ය උඩුදුම්බර කාෂ්‍යප හිමිපාණන් විසින් අවසාන මොහොතේදී දියත් කළ මාරාන්තික උපවාසය නිසා එදා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම රජයක් යටතේ රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බවට පොරොන්දුවක් ලබා දීමට සිදු විය.
ඒ අනුව ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව එතුමා විසින් එම්. සී. සී. ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය. එහිදී එම විද්වත් කමිටුවේ ප‍්‍රධානියා ලෙස එම්. සී. සී. විරෝධී මත ධාරියෙකු වූ මහාචාර්ය ගුණරුවන් මහතා පත් කිරීම තුළින් ගිවිසුමට අදාළව එතුමාගේ මනෝභාවය පිළිබිඹු විය. කෙසේ වෙතත් ආණ්ඩුවේ යම් පාර්ශ්ව ඩොලර් මිලියන 480 ක කැරට් අලය පෙන්වා එම්. සී. සී. ගිවිසුමට පක්ෂව කථා කළද රට තුළ ගොඩ නැගී ඇති මහජන විරෝධය නිසා එවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වර්තමාන රජයට දේශපාලන අවකාශයක් නොමැති බව ඉතා පැහැදිලිය. එවැනි තත්ත්වයක් තුළ ඇමරිකානනු රාජ්‍යය විසින් පරාජය බාරගෙන ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට නිදහසේ දේශපාලන තීන්දු ගැනීමට ඉඩ සලසනු ඇතැයි දේශපාලනයේ අයන්න දන්නා අයෙකුට පිළිගත නොහැක. එසේ නම් දැන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තේරිය යුතු උපාය මාර්ගික ප‍්‍රවේශය කුමක්ද? මතුපිටින් ඉතා සරලව සිදුවිය හැකි යැයි යමෙකුට උපකල්පනය කළ හැකි පළමු ප‍්‍රතිචාරය විය හැක්කේ විවිධ මූල්‍යමය සහ වෙළෙඳපොළ උපාංග භාවිත කරමින් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයේ අත අඹරා බලහත්කාරයෙන් ගිවිසුමට අත්සන් ලබා ගැනීමය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති පුටුවේ වාඩි කිරීමට මුල් වූ ඓතිහාසික ජනවරමේ අපේක්ෂා පිළිබඳව ඇමෙරිකානු ඔත්තු සේවා වලට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවට සැකයක් නැත.
එදා 2009 යුද ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු රජය විසින් අනුගමනය කළ යුතු උපායමාර්ගික ප‍්‍රවේශය කුමක් විය යුතුද පිළිබඳව ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයට පර්යේෂණ පත‍්‍රිකාවක් ඉදිරිපත් විය. ”යුද ජයග‍්‍රහණයට පසුව ශ‍්‍රී ලංකාවට අදාළව ඇමෙරිකානු උපාය මාර්ගිය නැවත සිතියම් ගත කිරීම” නමින් යුද ජයග‍්‍රහණයෙන් මාස 6 කට පසුව ඉදිරිපත් කළ එම ලේබනය මඟින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු පාලනය කිරීම සඳහා ”කෙවිට” හෙවත් තර්ජනා ගුලිය යොදාගත නොහැකි බවට පෙන්වා දී තිබුණි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජනවරම විසින් නිර්මාණය කොට ඇති තත්ත්වයට මුහුණ දීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය විසින් තම නව මාර්ග සිතියමකට අනුව චීනය විසින් එක්තරා දුරකට සාර්ථකව සිදුකරන ආකාරයට නව ආයෝජන සහ මූල්‍යමය උපාංග යොදා ගැනීමට ඉඩ ඇත. පරිධියේ රාජ්‍යයන් තුළ තමාට වාසිදායක ලෙස ප‍්‍රතිපත්තිමය සහ සහ නීතිමය රාමු වෙනස් කිරීම සඳහා ඇමෙරිකානු ආධාර සංවිධානය හෙවත් යූ. එස්. ඒඞ් සංවිධානය විසින් විවිධ මූල්‍ය සහ තාක්ෂණික උපාංග යොදාගත් බව රහසක් නොවේ. එදා 1961 දී එම සංවිධානය පිහිටුවීමෙන් පසුව ඒ ආකාරයට යොදාගත් විවිධ මූල්‍ය උපාංගවල කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා 2004 සිට එම්. සී. සී. ආයතනය යොදා ගත් බව රහසක් නොවේ.
ඇමෙරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලයට ඉදිරිපත් වූ යූ. එස්. ඒඞ් හෙවත් ඇමෙරිකානු ආධාර සංවිධානය සහ එම්. සී. සී. ආයතන පිළිබඳ සංසන්ධනාත්මක විග‍්‍රහයක් සහිත උපායමාර්ගික පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් එම්. සී. සී. ආයතනය පිහිටුවීමේ මූලික අරමුණු ඉතා හොඳින් පැහැදිලි වේ. ඊට අනුව එම්. සී. සී. ආයතනය විසින් රටවල් බැඳතබා ගැනීම සඳහා තෝරා ඇති උපායමාර්ගික ප‍්‍රවේශය ඇමෙරිකානු ආධාර සංවිධාන විසින් යොදා ගත් පැරණි ක‍්‍රමවේද වලට වඩා ඉතා ප‍්‍රතිඵලදායක බව ඔප්පු වී ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා එම්. සී. සී. පනත යටතේ පිහිටු වූ එම්. සී. සී. ආයතනයේ සභාපතිවරයා බවට පත් කිරීම තුළින් විදේශ සබඳතා අවියක් ලෙස ඊට ලබා දී ඇති වැදගත්කම පැහැදිලි වේ.
ශ‍්‍රී ලංකාව වැනි පරිධියේ රටවල් තුළ තම භූ දේශපාලන සහ යුද්ධමය වුවමනාවන්ට අනුව ප‍්‍රතිපත්තිමය, නීතිමය සහ ආයතනමය වෙනස්කම් සිදු කිරීම සදහා විවිධ මූල්‍යමය උපාංග යොදා ගැනීමේදී එම්. සී. සී. ක‍්‍රියාන්විතය පැරණි යූ. එස්. ඒඞ් ක‍්‍රියාන්විතයට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින බව පැහැදිලිව ඔප්පු වී ඇත. එම්. සී. සී. ගිවිසුම අදාළ රටේ නීතියක් බවට පත්වන අතර එය ජාත්‍යන්තර සම්මුතියක් ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා බල කිරීමේ නීත්‍යනුකූල අයිතිය ඇමෙරිකානු රාජ්‍යයට ලැබේ.
ඊට අමතරව ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී මූල්‍යමය සහ පරිපාලන වගකීම ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් දැරිය යුතු අතර එකඟතා බිඳ වැටීම් වලට අදාළව වන්දි ගෙවීමට පවා සිදුවේ. එසේ වුවත් අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට අදාළ සියලූ මාර්ගෝපදේශ සහ කොන්දේසි පනවන්නේ ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම විසිනි. කෙසේ වෙතත් එම ක‍්‍රියාවලිය නීතිමය වශයෙන් ඉතා බලවත් ලෙස පිහිටුවා ඇති බැවින් ගිවිසුමේ මූලික අංග ඉවත්කොට හෝ සංශෝධනය කොට අත්සන් කිරීමට ඉඩක් නැත. එම්. සී. සී. පනතට පටහැනි ගිවිසුම් වලට මුදල් නිදහස් කිරීමට කොංග‍්‍රස් මණ්ඩලයට පවා බලයක් නැත. ඒ නිසා මහජනයා රැවටීම සඳහා යම් වගන්ති සංශෝධනය කොට ‘‘දැන් එම්. සී. සී. ගිවිසුම රටට අහිතකර නැත’’ යන තර්කය යටතේ ගිවිසුමට අත්සන් කිරීමට ආණ්ඩුවේ යම් පාර්ශ්ව වලට වුවමනාවක් තිබිය හැකි වුවත් නීතියට අනුව එසේ කළ නොහැක. එසේ වුවත් එම නීතිමය හෝ තාක්ෂණික බාධක වලට වඩා එවැනි කූට ක‍්‍රියාවකට එරෙහිව පවතින දේශපාලන බාධකය ඉතා ප‍්‍රභල බව පිළිගැනීමට සිදුවේ. එම්. සී. සී. ගිවිසුම සමාලෝචනයට ලක් කළ විද්වත් කමිටුවේ වාර්තාව කසළ බඳුනට විසි කිරීමෙන් තොරව එවැනි උත්සාහයකට ආණ්ඩුවට දේශපාලන අවකාශයක් ලැබෙන්නේ නැත.
මෙම තත්ත්වය පිළිබඳව එම්. සී. සී. ගිවිසුමට පක්ෂපාතී රජයේ පාර්ශ්ව වලට මෙන්ම ඇමෙරිකානු පාර්ශ්ව වලටද ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා ඇමෙරිකාව පැත්තෙන් දැන් කළ යුතුව ඇත්තේ එම්. සී. සී. ගිවිසුමක් නොමැතිව අදාළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා නව ක‍්‍රමවේදයක් හඳුන්වා දීමය. එහිදී පැරණි යූ. එස්. ඒඞ් මූල්‍ය උපාංග නැවත මුවහත් තබා ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අත ඇඹරීම සඳහා යොදා ගැනීමට බොහෝ ඉඩ කඩ ඇත. එනම් එම්. සී. සී. ගිවිසුම මඟින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මත පැටවීමට කියමිතව තිබූ ඉඩම් ප‍්‍රතිසංස්කරණ සහ මාර්ග සංවර්ධනය යන ව්‍යාපෘති දෙක වෙනත් ආකාරයකට මූල්‍ය උපාංග යොදා ගනිමින් ක‍්‍රියාත්මක කිරීමය. ඒ නිසා දැනටමත් දියත් කොට ඇති එම ව්‍යාපෘති වලට අදාළ ආරම්භක පියවර ආපසු හැරවීමට අවශ්‍යතාවක් නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් එම්. සී. සී. ගිවිසුමට අදාළව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සමඟ පැනනගින කෙටිකාලීන ප‍්‍රතිවිරෝධීතා මත ඇමෙරිකාවේ දීර්ඝ කාලීන ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සැලසුම අනතුරට ලක් කර ගැනීම තර්කානුකූල නොවේ. ඒ නිසා එම්. සී. සී. අත්සන් නොකිරීම පිළිබඳව රළු රාජ්‍යතාන්ත‍්‍රික හෝ දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවට වෙනත් ආකාරයකට, එනම් හිස වටා අත යවා නහය ඇල්ලීමට, ඇමරිකාව කටයුතු කරන බවට කිසිදු සැකයක් නැත.
ඉන්දු පැසිෆික් කලාපයේ බලවත් රටවල් 4 වන ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන ඉන්දු පැසිෆික් උපායමාර්ගය තුළ යුද බලය යනු ප‍්‍රමුඛතම සහ ප‍්‍රභලම උපාංගය බලට කිසිදු සැකයක් නැත. එහෙත් ප‍්‍රායෝගිකව කලාපයේ රටවල් තම මාර්ග සිතියමට අනුව හැසිරෙන බව සහතික කර ගැනීම සඳහා ඉතා ප‍්‍රභලව යොදා ගනු ලබන්නේ ආරක්ෂක ගිවිසුම් සහ විවිධ ආධාර සංවිධාන හරහා අටවනු ලබන මූල්‍ය උපාංගයන් බව පැහැදිලිව පෙනේ. එම්. සී. සී. ගිවිසුම ආයෝජන හෝ ආධාර ලබා දීම සඳහා වන ගිවිසුමක් ලෙස හැඳින්වුවද මූලික වශයෙන් එය ආරක්ෂක ගිවිසුමකි. එනම් ACSA සහ ීදේ යන ප‍්‍රභල ආරක්ෂක ගිවිසුම් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයන ගිවිසුමකි. ප‍්‍රධාන ආරක්ෂක ගිවිසුම් දෙක මඟින් රට තුළට පැමිණෙන ඇමෙරිකානු හමුදා මෙන්ම ඒ ආශ‍්‍රිත සිවිල් නිලධාරීන් සහ කොන්ත‍්‍රාත්කරුවන් විසින් ගොඩනගන ගෝලීය සැපයුම් මධ්‍යස්ථානයට අවශ්‍ය සියලූ සැපයුම් කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීම සහ ප‍්‍රවාහනය කිරීම සඳහා එම්. සී. සී. ගිවිසුම අවශ්‍ය වේ. මිලියන 20 කට ආසන්න ඇමෙරිකානු හමුදා නිලධාරීන් සහ ඒ ආශ‍්‍රිත සෙසු නිලධාරීන්ට සේවා සැපයීම සඳහා කෙතරම් ඉඩම් සහ ප‍්‍රවාහන පහසුකම් අවශ්‍ය වේද.
ඇත්ත වශයෙන්ම එම්. සී. සී. ව්‍යාපෘති දෙක අතුරින් මිලියන 67 ක් වැනි අඩු මුදලක් වෙන් කොට ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 1997 දී ලෝක බැංකු ආධාර යටතේය. පසුව එම්. සී. සී. ගිවිසුමට එය ඇතුල් කෙරෙන්නේ වඩා කාර්යක්ෂමව එම කටයුතු අවසන් කිරීම සඳහාය. ඒ අනුව එම්. සී. සී. ගිවිසුමක් නොමැතිව දැනටමත් ආරම්භකොට ඇති එම ක‍්‍රියාවලිය කාර්යක්ෂමව ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය වන්නේ ඩොලර් මිලියන 67 ක් හෝ අල්ලසක් ලෙස ඊට වැඩි යම් ප‍්‍රමාණයක් ලබා දී ආණ්ඩුවේ අත ඇඹරිය හැකි නව මූල්‍ය උපාංගයක් පමණි. ඉඩම් ප‍්‍රතිසංස්කරණවලට අදාළව ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ තෝරා තිබූ ප‍්‍රතිපත්තිමය, නීතිමය, ආයතනමය සහ පටිපාටිමය වෙනස්කම් වලට අදාළ වැඩසටහන සහ ව්‍යාපෘති සියල්ල එම්. සී. සී. ගිවිසුම් යටතට විශේෂ ව්‍යාපෘති 05 ක් ලෙස ඇතුල් කොට ඇත. ඉන් පළමු වැන්න රජයට අයත් ඉඩම් විධිමත්ව මැන ඉඩම් කොටස් ලෙස ලැයිස්තුගත කිරීමය. දෙවැන්න ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන සියල්ල ඉලෙක්ට්‍රොනික පද්ධතියක් බවට පරිවර්තනය කිරීමය. තුන්වැන්න ඉඩම්වල වටිනාකම් තක්සේරු කිරීම සඳහා පරිපාලන පද්ධතියක් සකස් කිරීමය. හතරවැන්න රජයේ ඉඩම් ප‍්‍රදානයන් ඔප්පු බවට පරිවර්තනය කිරීම සහ ලියාපදිංචි කිරීමය. පස්වැන්න ඉඩම් ප‍්‍රතිපත්තිය සහ නීතිමය රාමු ප‍්‍රතිසංස්කරණය කිරීමය.
එම පස්වැනි ව්‍යාපෘතියට ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මෙන්ම එම්. සී. සී. ගිවිසුම යටතේද ඉහළ වටිනාකමක් ලබා දී තිබුණි. බටහිර අධිරාජ්‍යවාදී පාලන සමයේ සිට ආරම්භ වූ ඉඩම් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ මුඩු බිම් පනත මඟින් සිදුකළ විනාශකාරී ක‍්‍රියාවට වඩා බරපතළ විනාශයක් 1998 ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හෙවත් බිම්සවිය පනත මඟින් සිදුවන බව ඉතා තර්කානුකූලව ඔප්පු කළ හැක. එම පනත මඟින් සියලූම පුද්ගලික ඉඩම් වලට ආරවුල් නිරවුල් කිරීමේ නාමයෙන් ඒවා පහසුවෙන් විකුණාදැමිය හැකි ලෙස හිමිකම් පත‍්‍රයක් ලබා දේ. එම ක‍්‍රියාවලිය තුළ ඉතා දූෂිත ඉඩම් මංකොල්ලයක් සිදුවිය හැකි වුවත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට අවස්ථාවක් නැත. ඊට අමතරව ඒ මඟින් දීමනා පත‍්‍ර මත ගොවීන්ට ලබා දී ඇති සියලූම රජයේ ඉඩම් වලට වෙළඳපොළ වටිනාකම් සහිත හිමිකම්පත‍්‍ර ලබා ගැනීමට හැකියාව ලැබේ. එසේම සඟ සතු දේපළ වලින් යම් ප‍්‍රමාණයක්ද කූට ලෙස පුද්ගලික අයිතියට හැරවීමට මෙම පනත මඟින් ඉඩ සැලසේ. එම්. සී. සී. ගිවිසුම ඉහත සඳහන් කළ 5 වැනි ව්‍යාපෘතිය යටතේ නව පනත් දෙකක් ගෙන ඒමට සැලසුම් කරන්නේ බිම් සවිය ක‍්‍රියාවලියේම දිගුවක් ලෙසය. එහිදී රජයේ ඉඩම් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා ඉඩම් බැංකු පනත සහ සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් වලට වෙළෙඳපොළ වටිනාකම් සහිත ඔප්පු ලබාදීම සඳහා ඉඩම් විශේෂ විවිධාන පනත ඉදිරිපත් විය.
මහාමාර්ග ව්‍යාපෘතියට අදාළව එම්. සී. සී. ගිවිසුම අනුව ඩොලර් මිලියන 350 ක් වෙන්කොට ඇති අතර ඊට අදාළ ව්‍යාපෘති ශ‍්‍රී ලංකාවේ ඊනියා භෞතික සැලසුමට ඇතුල් කෙරෙන්නේ 2011 දීය. ඒ අනුව ඉඩම් ව ව්‍යාපෘති මෙන්ම මහා මාර්ග ව්‍යාපෘතියද එම්. සී. සී. ගිවිසුමට පෙර සිට විවිධ ණය ආධාර වැඩසටහන් යටතේ යෝජනා වී ක‍්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බව ඉතා හොඳින් පැහැදිලි වේ. එසේ නම් ඩොලර් මිලියන 350 ක ආධාරය ඇමෙරිකානු ආධාර සංවිධානය යටතේ ආධාරයක් ලෙස හෝ ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව යටතේ සහන පොලී ණයක් ලෙස ලබා දීමට හැකියාව තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ එම්. සී. සී. ගිවිසුම වෙනුවට වෙනත් සූක්ෂම උපක‍්‍රම යොදා ගනිමින් අදාළ ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට බාධාවක් නොමැති බවය. උදාහරණයක් ලෙස පසුගිය රජය විසින් ටි‍්‍රම්බල් නම් වූ ඇමෙරිකානු සමාගමක් හරහා ශ‍්‍රී ලංකාවේ ඉඩම් මැනීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට ඇමෙරිකානු ණයක් ලබා ගැනීමට කටයුතු කළේය. ඊට අදාළව ටෙන්ඩර් කැඳවීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයද මැදිහත් වූ බවට එදා චෝදනා එල්ල විය.
වර්තමාන රජය විසින් එම්. සී. සී. ගිවිසුමට අදාළ එක් ව්‍යාපෘතියක් සඳහා එනම් ඉඩම් ලියාපදිංචි කිරීමේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා 10/9/2020 දින අමත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් සම්මත කරනු ලැබීය. ඒ මඟින් ඒ සඳහා ඩොලර් මිලියන 60 ක විදේශ ණයක් ලබා ගැනීම සහ ඊට අදාළ දේශීය කොටස ගෙවීමද අනුමත කොට ඇත. ඒ අතර ජපන් ආධාර සංවිධානයේ අරමුදල් යොදා ගනිමින් අනුරාධපුර නාච්චාදූව ප‍්‍රදේශයේ ගොවි බිම් ගොවි සංවිධාන යටතේ ඒකාබද්ධ කිරීම දිරිගැන්වීම සඳහා නියමු ව්‍යාපෘතියක් දියත්කොට ඇත. ඒ අනුව හිමිකම් ප‍්‍රතිලාභී ගොවීන්ට සින්නකර ඔප්පු නොමැතිව වුවත් තමා සතු ගොවි බිම් ගොවි සංවිධාන යටතේ ඒකාබද්ධ කොට බදු පදනම යටතේ විදේශීය සමාගම් වලට ලබා දීමේ නීතිමය හැකියාව ලැබේ.
එසේම මේ වන විට ඉතා බරපතළ ලෙස ආන්දෝලනයට ලක්ව ඇති පිරිස් 5/2001 චක‍්‍රලේඛය අහෝසි කිරීම මඟින් රජයට අයත් අවශේෂ කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් පුද්ගලික අයිතියට පැවරීමට ක‍්‍රියාමාර්ග ගැනීම ද එම්. සී. සී. ගිවිසුමේ වුවමනාවකි. පසුගිය දින වල අධිකරණ අමාත්‍යාංශය විසින් ලේඛන ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කොට ”කේවියට්” නියෝග මඟින් ඉඩම් මංකොල්ලය වැළැක්වීම සඳහා පනවා තිබූ බාධකය ඉවත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කොට තිබුණි. ඊට අමතරව තවත් අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීමට යෝජනාකොට ඇත. ඒ මගින් එම්. සී. සී. ගිවිමසුමට අදාළව සම්මත කිරීමට නියමිත වූ ඉඩම් සංවර්ධන විශේෂ විධිවිධාන පනත මගින් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ අරමුණ ඉටු වේ. එනම් ප‍්‍රධාන පත‍්‍රයක් මගින් මහජනයාට ලබා දී ඇති රජයේ ඉඩම් අන්සතු කිරීම සඳහා පැවති බාධක ඉවත් කෙරේ. ඒ අතර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම් සභාවට සහ මහවැලි අධිකාරියට අයත් ඉඩම් අක්කර දහස් ගණනින් දීර්ඝකාලීනව බදු දීම සඳහා දැන්වීම් පළ කරන ආකාරයද දැක ගත හැක. මේ සියලූ කරුණු අනුව පැහැදිලි වන්නේ එම්. සී. සී. ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා එය අත්සන් කිරීම පූර්ව කොන්දේසියක් නොවේද?.