2026-01-14
mediahumanrights.lk
NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනා මතයි.

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරුව දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැත.

Related posts

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Shiran Viraj

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Shiran Viraj

තවත් 2,735කට කොරෝනා

Shiran Viraj
Translate »