mediahumanrights.lk
Local NewsNews

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව මේ වසරේ ජනවාරි මස අත්හිටුවීමට රජය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු විශ්‍රාමිකයන් 95 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම මාර්තු මස 14වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා  යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදී .

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න ඇතුළු 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ශ්වයන් 20 ක් නම් කර ඇත .

අංක 3/2016 දරණ චක්‍රලේඛයෙන් විශ්‍රාම වැටුප් අදියර පහකින් වැඩි කිරීමට නිර්දේශ කර තිබූ බවත් කෙසේවෙතත් එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් මේ වන විට අත් හිටුවා ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටියි .

Related posts

කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Shiran Viraj

රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

Shiran Viraj

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Shiran Viraj
Translate »