mediahumanrights.lk
Local NewsNews

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

වැඩිකළ විශ්‍රාම වැටුප් දීමනාව මේ වසරේ ජනවාරි මස අත්හිටුවීමට රජය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු විශ්‍රාමිකයන් 95 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම මාර්තු මස 14වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා  යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදී .

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න ඇතුළු 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ශ්වයන් 20 ක් නම් කර ඇත .

අංක 3/2016 දරණ චක්‍රලේඛයෙන් විශ්‍රාම වැටුප් අදියර පහකින් වැඩි කිරීමට නිර්දේශ කර තිබූ බවත් කෙසේවෙතත් එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් මේ වන විට අත් හිටුවා ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටියි .

Related posts

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?

Shiran Viraj

ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

Shiran Viraj
Translate »