mediahumanrights.lk
News Sports Sports News

දිල්හාර ලොකුහෙට්ටිගේ ICC දූෂණ මර්දන පනතේ චෝදනා 3කට වරදකරුවේ

 ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ චෝදනා 3කට වරදකරු වී තිබේ. ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුව මේ බව සනාථ වී ඇති බවට  ජගත් ක්‍රිකට් කවුන්සිලය අද (28 ) නිවේදනය කළේය.

අයි.සී.සී. දූෂණ මර්දන පනත යටතේ පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසයේදී දිල්හාරට එරෙහිව චෝදනා ගොනු කෙරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලික් අතරතුරදී දූෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති තුනක් කඩකිරීම යන කරුණු යටතේ ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර තිබිණි.

Related posts

සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලු

Shiran Viraj

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

Shiran Viraj

අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj