30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
International NewsNews

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර උද්ගතවී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල දෙකක් ඔහුගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ට්විටර් සමාගම විසින් ඉදිරි පැය 12ක කාලයක් සඳහා ද ෆේස්බුක් සමාගම ඉදිරි පැය 24 ක කාලය සඳහා ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුම් අවලංගු කිරිමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට පළකරන ලද ට්විටර් සටහන් කිහිපයක්ම ඔහුගේ ගිණුමෙන් මකා දැමීමට එම සමාගම විසින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා රට පාලනය කිරිමට තරම් සුදුසු මානසිකත්වයක නොමැති බව පවසමින් ඔහුව ධුරයෙන් නෙරපා හැරිමට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් අතර මේ වන විට සාකච්ජා ආරම්භ වී ඇති බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කිරිමට හැකියාව ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු වී ඇත්තේ.

Related posts

විදේශ සංචිත පහල වැටේ..

Shiran Viraj

අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න.. හෙට සිට ලොක්ඩවුන් වෙන්න සැරසෙන්න..

Shiran Viraj

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj
Translate »