30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ඉන්දියාවේ විරෝධතාකරුවන්ට සහායට යාපනයේත් විරෝධතා..

ඉන්දියාවේ ගොවීන් විසින් මේ දිනවල සිදු කරනු ලබන විරෝධතා අරගලයට සහය දැක්වීමක් වශයෙන් ඉන්දීය ගොවීන්ට සාධාරණයක් ලබා දෙන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

ඉන්දු ශ්‍රීලංකා ජනසහයෝගිතාවය සහ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපරයේ සාමාජිකයින් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූණි.

එහිදී උද්ඝෝෂකයින් වැඩි දුරටත් කියා සිටියේ,

‘ඉන්දියාවේ සාමාන්‍ය ගොවි ජනතාවගේ ඉඩම් බහු ජාතික සමාගම් වෙනුවෙන් ලබාදීම මෙන්ම ඉන්දීය රජය විසින් සම්මත කරගෙන ඇති ගොවි පනත් නීති දැඩි ලෙස හෙලා දකිමින් එම ගොවි පනත් හකුලා ගන්නා ලෙසට ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ගොවීන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසට තමන්ද ඉන්දීය රජයට බලකරන ලෙසටය.

එමෙන්ම ඉන්දීයාවේ ලෙසින් ශ්‍රීලංකාව තුලද බහුජාතික සමාගම් වෙනුවෙන් උතුරු නැගෙනහිර ඉඩම් ලබාදීමේ සූදානමක් පවතින බැවින් එවැනි සූදානමකට එරෙහිව උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කිරීමටද තමන් පියවර ගන්නා බවට උද්ඝෝෂකයින් වැඩි දුරටත් පැවසූහ.

Related posts

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Shiran Viraj

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

Shiran Viraj

IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

Shiran Viraj