26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි පුද්ගලයෙකු නයෙකු අල්ලා ගෙන එම නයා සමඟ විවිධ ක්‍රියාකාරම් කිරීමට ගිය අවස්ථාවේදී එම නයා දෂ්ඨ කිරීම හේතුවෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටිනවා.

ප්‍රදේශවාසීන් පැවසූවේ මියගිය පුද්ගලයා බීමතින් සිටි අවස්ථාවක ගෙවත්තට නයෙකු පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා නාගයා අල්ලා එම උරගයාට හාදුදීමට හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට ගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා නාගයා අල්ලා ගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් අනතුරුව නාගයා කැළැවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කර සිටින්නේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නයා දෂ්ඨ කිරීමෙන් ඇතිවූ නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරේ පොලිසියෙන් විමසු අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නයෙකු අල්ලා විසි කිරීමට ගිය අවස්ථාවේදී එම නයා දෂ්ඨ කිරීමෙන් වයස අවුරුදු 50 පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

nethnews

Related posts

ඩයස්‌පෝරා භික්ෂූන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..

Shiran Viraj

නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Shiran Viraj
Translate »