mediahumanrights.lk
BusinessBusiness NewsNews

පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගී

පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල් කිලෝග‍්‍රෑමයක සිල්ලර මිලද මේ වන විට රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවයි එහිදී දැක ගත හැකි වුණේ. 

ඇතැම් ප‍්‍රදේශවල සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 ද ඉක්මවා ගොස් තිබුණා. නාඩු සහල් කිලෝවක මිල ද රුපියල් 110කට ආසන්න වී ඇති බවයි වෙළදපොළ චාරිකාවේදී දැක ගත හැකි වුණේ. පාලන මිලට අනුව රුපියල් 100ය ඉක්මවා මිලක් නියම කර තිබුණේ කීරි සම්බා සඳහා පමණයි. මේ වන විට කීරි සම්බා කිලෝවක මිලද රුපියල් 140 ඉක්මවා තිබෙනවා. 

ඉකුත් සමයේ ද දිගින් දිගටම සහල් මිල ඉහල යාමත් සමග සහල් සඳහා පාලන මිලක් පැනවිමට ආණ්ඩුව පියවර ගත්තා. ඒ අනුව සම්බා සහ රතු කැකුළු සම්බා කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 94ක් ලෙසයි නියම කර තිබුණේ. නාඩු කිලෝග‍්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 92ක් විය යුතු බවත් කැකුළු හාල් කිලෝග‍්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 89ක් විය යුතු බවත් එහි දැක්වුණා. එහෙත් එම මිලට සහල් වෙළදපොළේ නොමැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මහා පරිමාණ වී මෝල් හිමියන් මෙම අර්බුධය නිර්මාණය කර ඇති බවයි. 

nethnews

Related posts

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj

හැටන් නගරයේ අබලන් වූ පැරණි වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු ඇරඹේ

Shiran Viraj

ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්

Shiran Viraj
Translate »